hit counter

2026 සැප්‍තැම්‍බර් මස 25 වන සිකුරාදා

2023 මැයි 19, ප.ව. 5:32



14 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසලදී මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර සිදු කරනු ලබන ජාතික රණවිරු සැමරුම 14 වන වරටත් මෙලෙස පැවැත්වෙයි.

සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර ඒ සඳහා පැමිණියා.

මෙම සැමරුම සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද පැමිණීම විශේෂත්වයක් වුණා.