hit counter

2024 දෙසැම්‍බර් මස 02 වන සඳුදා

2023 මැයි 19, ප.ව. 9:07



බුද්ධාගමට හා වෙනත් ආගම් වලට අපහාස කරන ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලංකාවට පැමිණි වහාම ගුවන්තොටුපලේ දීම අත්අඩංගුවට ගත යුතු බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමි පවසනවා.                                                                                                        

මහනුවර අද (19) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කළේ ඉන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඔහුගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කළ යුතු බවයි.

තවදුරටත් අදහස් පළ කළ ශාසනරතන හිමියෝ මෙසේද කීහ, බටහිර රාජ්‍ය නොවන සංවිධාන ඩොලර් මත යැපෙන මෙවන් ද්‍රෝහී පුද්ගලයන් හට එරෙහිව මෙරට සියලු බෞද්ධ ජනතාව නැගී සිටින අවස්ථාවේ ඇතැමුන් ඔහුට සහාය පළ කිරීම කනගාටුවට කරුණක් බවයි.                

මෙම දේවගැතිවරයාට බොහෝ දේශපාලඥයන් සහාය පළ කොට ඇති බවද විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන් එම දේවගැතිවරයාට අප්‍රමාණ වශයෙන් මුදල් වියදම් කොට ඇති බවද මේ රටේ දේශපාලන වශයෙන් පිරිහෙමින් සිටින ඇතැම් නායකයෝද ඔහුට අවශ්‍ය සහාය ලබා දෙමින් කටයුතු කරමින්ම මහ නායක හිමිවරුන්ට පලතුරු වට්ටි පූජා කරමින් ආශිර්වාද ලබා ගැනීම මවිතයට කරුණක් බවද උන්වහන්සේ සඳහන් කළා.

මෙම දේවගැතිවරයාගේ දේශන වලට සහභාගි වන බොහෝ කණ්ඩායම්වල මුහුණු දිහා බලන විට විශේෂයින් තරුණ තරුණියන්ගේ මුහුණු දිහා බලන විට ඔවුන් අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිත කොට ඇති බවට සාධාරණ සැකයක් ඇති වෙන බවද මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණ ආරම්භ කළ යුතු බවද උන්වහන්සේ පවසනවා.

නිර්මල බුදු දහමට අපහාස කරන මෙවන් දේශද්‍රෝහීන් හට උදවු කරන දේශපාලනඥයෝ හඳුනාගෙන, මෙම ද්‍රෝහීන්ට ඉඩම් ලබාදුන් දේශපාලන ද්‍රෝහීන් හඳුනාගෙන, දේශපාලන බිරින්දෑවරුන් හඳුනාගෙන මෙතන පවතින දේශපාලන කුමන්ත්‍රණයද හදුනාගෙන කඩිනම් පියවර ගන්නා ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මිත්‍යාව පතුරන තක්කඩි දේවගැති ජෙරොම් වැනි අය පසුපස ඉන්නේ කවුද යන්න මිය වන විට හෙළිවී තිබෙනවා.

මේ දේශ දෝහින් රටට හෙළි කරන ලෙසත් අපි ජාතික සංඝ සම්මේලනය වශයෙන් ඉල්ලා සිටිනවා යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.

Example Image