hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 මැයි 22, පෙ.ව. 12:03



බස්නාහිර පළාතෙත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඊයේ (21) පස්වරු 2.30 සිට අද (22) උදෑසන 8.30 තෙක් වලංගු වන පරිදි එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ හේතුවෙන් බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.