2023 මැයි 23, පෙ.ව. 11:35
අනුරාධපුර යුගයට අයත් මුල්ම චෛත්‍ය ලෙස සැලකෙන වසර 2300කට වඩා ඉපැරැණි ක්‍රිස්තු පූර්ව දෙවැනි සහ තුන්වැනි සියවසේ ඉදිකර තිබෙන බවට සාක්ෂි ඇති වැලිකන්ද කවුඩාගල අරණ්‍ය සේනාසනයේ පුද භූමියේ පැරැණි චෛත්‍යයෙන් වටිනා, දුර්ලභ පුරාවස්තු රැසක් මේ වන විට හමුවී ඇති බවත්, චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ලක්වාසී ජනතාවට වැඳුම් පිදුම් කිරීමට හැකි පරිසරයක් උදාකර වටිනා පුරාවස්තු ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළට සියලු දෙනා දායක වන ලෙසට ආරණ්‍ය සේනාසනාධිපති දේවගල පඤ්ඤාසීහලංකාර නාහිමියෝ ඉල්ලීමක් කළා.
මීට වසර දෙකකට පෙර කවුඩාගල චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර අද පවතින ආර්ථික අපහසුතා සහ මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීමෙන් වෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරමඟ නතර වී ඇති බව පෙන්වා දෙන පඤ්ඤාසීහලංකාර නාහිමියන් දෙස්, විදෙස් සංචාරකයන්ට මෙන්ම බෞද්ධ ඉතිහාසයේ වටිනා චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් වන කවුඩාගල චෛත්‍ය සෑ රදුන් ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව දෙස් විදෙස් බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කළ හැකි පූජනීය ස්ථානයක් බවට පත් කිරීමේ මෙහෙවරට දායක වන ලෙසද උන්වහන්සේ සඳහන් කරනවා.
පොළොන්නරුව යුගය පාලනය කළා වූ සුගලා දේවියට අයත් මාලිගාව පිහිටා ඇති ස්ථානය බවට සැලකෙන කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ අනුරාධපුර යුගයට අයත් ගල් කටාරම්, අක්ෂර, ගල්ලෙන්, ශිලා ලිපි, පොකුණු, චිත්‍ර, මහල් ගොඩනැඟිලිවලට යන මංපෙත් ආදිය හමු වී ඇති බවද නාහිමියෝ සඳහන් කළා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන මෙම කවුඩාගල ඉපැරැණි චෛත්‍ය කැණීම් කටයුතු සිදු කිරීමේදී වටිනා පබළු, ගල්, කරාබු, මංජුසා, පලිඟු කරාබු කොටස්, රන් ආලේපිත කුඩා කරාබු, විවිධ ප්‍රමාණයේ බඳුන් ඇතුළු වටිනා පුරාවස්තු රැසක් හමු වූ මෙම ස්ථානය කාලයාගේ ඇවෑමෙන් ත්‍රස්තවාදී යුද්ධය පැවැති වකවානු තුළ මෙන්ම ඉන් පසුවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් චෛත්‍යයේ පැති කිහිපයක් නිදන් හොරුන් විසින් හානි කර තිබූ අතර කොටසක් ගරා වැටීමට ලක්ව තිබූ බවද දේවගල දේවාලංකාර නාහිමියෝ සඳහන් කළා.
මෙම චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේදී හමු වූ සියලු පුරාවස්තු මහජන ප්‍රදර්ශනයට ලක් කිරීමටද ඉදිරියේදී අපේක්ෂා කරන බවත්, අනුරාධපුර යුගයේ මුල්ම චෛත්‍ය බවට සැලකෙන, රජවරු, කිහිප දෙනෙක් විසින් පාලනය කළා වූ මෙම ප්‍රදේශයේ කවුඩාගල ආරණ්‍ය සේනාසනය පූජා භූමියට වටිනාකමක් එක් කරමින් මෙය සංවර්ධන කටයුතු කිරීමට හැකි සෑම කෙනෙක්ම දායක වන ලෙසද පඤ්ඤාසීහලංකාර නාහිමියෝ වෙසක් සතිය වෙනුවෙන් සැදැහැවත් බෞද්ධ බැතිමතුන්ගෙන් මෙන්ම රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියා.
ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ පමණ ඉදි වූ බවට සැලකෙන මෙම ඉපැරැණි චෛත්‍යයේ මහින්දාගමනයත් සමඟ ශාසනයට පූජා කිරීමෙන් පසුව වසර දාහක කාලයක් අඛණ්ඩව බෞද්ධයන් විසින් වැඳුම් පිදුම් කර ඇති බවට පුරාවිද්‍යා සාක්ෂිවලින් තහවුරු වී ඇති බවද, මේ පිළිබඳ පරීක්ෂණ කරන පොළොන්නරුව පුරාවිද්‍යා නිලධාරීහු සඳහන් කළා.
2025 නොවැම්‍බර් 06, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 06, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 06, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 06, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 06, පෙ.ව. 12:05