hit counter

2025 අගෝස්‍තු මස 04 වන සඳුදා

2023 මැයි 24, ප.ව. 9:56



මිහින්තලය පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර නොමැති බවට මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පසුගිය දින කිහිපය මුළුල්ලේම රජයට චෝදනා එල්ල කළා.

උන්වහන්සේ ඊයේ සඳහන් කළේ අදාළ මුදල් ප්‍රතිපාදන නොලැබෙන්නේ නම් පිඩුසිඟා වැඩීමෙන් හෝ එම මුදල සොයා ගැනීමට කටයුතු කරන බවයි.

එවන් පසුබිමක උන්වහන්සේ අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලේ පුදබිමෙහි සවිකර තිබූ නව විදුලි සම්බන්ධතාවයද විදුලිබල මණ්ඩලය විසින් ඉවත් කරගත් බවයි.

“ඊයේ හවස් වෙනකොට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ ටික මිහින්තලා පූජා භූමියේ ඒ විදුලි සවි කිරීම් සිද්ධ කළා. දොළහ පහුවෙනකොට හයි කරලා තිබුණු සියලුම විදුලි බුබුළු ටික ගලවලා. සභාපතිවරයා ලියුමක් ගහලා එක්කෝ කියලා තියෙනවා. විදුලිය සපයන්න එපා මුදල් ලැබෙන තුරු. සවි කිරීම් කරන්න එපා මුදල් ලැබෙන තුරු. “