hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 මැයි 26, ප.ව. 12:25



කොකෝවා, කරදමුංගු හා ගම්මිරිස් වැවීමේ සහ සෑදීමේ කර්මාන්තයේ නියුතු කම්කරුවකුට සාමාන්‍ය වැඩ කරන දිනයක් වෙනුවෙන් ගෙවිය යුතු විශේෂ දීමනාව රුපියල් 1794.33ක් විය යුතු බව දැනුම් දෙමින් කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මෙම කර්මාන්තය සඳහා මේ වසරේ මාර්තු මස ජීවන වියදම් අංකය 207.6 වන බැවින් අප්‍රේල් මාසයේ සාමාන්‍ය වැඩකරන දිනයක් වෙනුවෙන් ගෙවිය යුතු විශේෂ දීමනාව මේ අනුව සැකසිය යුතු බව එහි දක්වා තිබෙනවා.

පඩිපාලක සභා ආඥාපනතේ (136 වැනි අධිකාරිය) 20 (2) (ආ) වගන්තිය යටතේ පසුගිය 24 වැනිදා මෙම නියමය පනවා තිබෙනවා.