2023 මැයි 27, පෙ.ව. 12:02
අද (27) දිනයේ බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම හා වයඹ පළාත් වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවයි ඔවුන් දැනුම් දෙන්නේ.
2026 අගෝස්තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්තු 26, පෙ.ව. 12:12