2023 මැයි 26, ප.ව. 5:01
දහම්පාසල් අධ්‍යාපනය නීතිගත කිරීම අනුවන ක්‍රියාවක් බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළා.
ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැති උත්සවයකින් පසුව මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා.
එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දක්වා සිටියා,
“දහම්පාසල් අධ්‍යාපනය නීතිගත කිරීම අනුවන ක්‍රියාවක්. දහම් අධ්‍යාපනයට පෙළඹවීම සදහා පහසුකම් වැඩි කර දිය යුතුයි. මේ දහම් සහතිකය වෘර්තීය වටිනාකමක් ඇති කිරීමයි කලයුතු. ඉරිදා පන්ති නීතියෙන් තහනම් කරන්න බැහැ ඒ සදහා එකගතාවකටයි යන්න ඕන. මේ සම්බන්ධයෙන් අපිත් සමඟ කිසිදු සාකච්ඡාවක් සිදුකර නැහැ. මේ තීරණ සම්මා සම්බුදු ශාසනයට බලපානවා. කැබිනට් මන්ඩලය අනුමත කල පමණින් මේක රටටම සුදුසුද කියලා බලන්න.”
2026 අගෝස්තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්තු 26, පෙ.ව. 12:12