hit counter

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 29, පෙ.ව. 2:27



මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට ප්‍රමාණවත් රාජ්‍ය අනුග්‍රහයක් හිමිව නොමැති බවට මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පසුගිය දින කිහිපයේම ප්‍රකාශ කළා.

නමුත් රජයේ පාර්ශවයෙන් සඳහන් කෙරුණේ රට තුළ පවතින ආර්ථික අර්බුදකාරී වාතාවරණය මාධ්‍යයේ වුවත් රුපියල් ලක්ෂ තිස් එකක මුදලක් ඒ වෙනුවෙන් ලබා දුන් බවයි.

එම මුදල් ප්‍රමාණවත් නොවන බව පවසමින් පුණ්‍ය උත්සවයේ කටයුතු වෙනුවෙන් මුදල් එක් රැස් කිරීමේ අරමුණින් පිණ්ඩපාත චාරිකාවකද අනතුරුව විහාරාධිපති හිමියන් නියැලුණා.

මිහින්තලා රජමහා විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මෙසේ අදහස් දක්වා සිටියා.

“පොසොන් පිංකම තියෙනවා. ඔය රුපියල් ලක්ෂ තිහත් ඔන්න තමුන්නාන්සේලා තියාගෙන හොඳට කළමනාකරණය කරගන්න කියලා. බොහෝම මං සිය කැමැත්තෙන් මේක රජයට උපකාරයක් වෙයි. ඒ ලක්ෂ තිහත් කළමනාකරණය කරගන්න මූලික අරමුණ. ඒ හින්දා දැන් ඇමතිතුමා කියනවා එන මිනිස්සු ලක්ෂ තිහද, විස්සද ඒ බලාගන්න. රුපියල් දහය ගානේ එකතු කරලා. එහෙනම් ඒ ආණ්ඩුක්‍රම ව් යවස්ථාවට දාන්න ඕනේ නව වෙනි වගන්තියට. මේක ආරක්ෂා කිරීමේ, සුරක්ෂිත කිරීමේ වගකීමේ තියෙන්නේ රටේ ජනතාවටයි කියලා ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරාට වරදක් නැහැ. සංශෝධනය කරනවා.”