hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2023 මැයි 29, පෙ.ව. 9:38



ඉදිරි දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර දෙකක වෙනසක් සිදුවනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය නිමවා මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව ඉතා ඉක්මනින් එම අමාත්‍ය ධුර දෙකෙහි වෙනසක් සිදුවනු ඇති.

කෙසේවෙතත් එම ධුර සඳහා කිනම් පුද්ගලයෙකු පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් සඳහා එම අමාත්‍ය ධුර දෙක ලබාදෙනු ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගිය කාලසීමාව තුළ අවස්ථා ගණනාවක දී ජ්‍යෙෂ්ඨයින් සඳහා අමාත්‍ය ධුර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලීම් කර තිබුණ ද ඔවුන්ට අමාත්‍ය ධුර හිමිවූයේ නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: