hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 මැයි 29, ප.ව. 1:11



විසි ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් පසුගිය පොසොන් පෝයට අනුරාධපුරයට පැමිණි බව මිහින්තලා විහාරාධිපති හිමියන් පවසන්නේ නම් එම පිරිස ආධාර ලෙස දුන් මුදල් කළමනාකරණය කරගැනීමට උන්වහන්සේට හැකියාව නොතිබුණේ මන්දැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මාතරදී ඊයේ (28) පැවැසුවා.

මෙවරත් එවැනිම පිරිසක් අනුරාධපුරයට පැමිණේවායි තමා ප්‍රාර්ථනා කරන්නේ යැයිද එම පිරිස්ද හැකි අයුරින් උන්වහන්සේට උදවු කරනු ඇතැයි ඇමැතිවරයා සඳහන් කළා.

මිහින්තලා පුද බිමට අවශ්‍ය විදුලිබල සේවා අදාළ ගාස්තු ගෙවූ පසු ලබාගැනීමට මිහින්තලා විහාරාධිපති හිමියන්ට හැකි යැයිද ඔහු කියා සිටියා.

රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නම් සියලුම පන්සල්වලට පොසොන් පොහොයට එම අවස්ථාව ලබාදිය යුතු යැයි කී හෙතෙම, එවැන්නක් කළහොත් එහි පිරිවැය නැවත අය කර ගැනීමට සිදුවන්නේ මහජනතාවගේ විදුලි බිලෙන් යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.