2023 මැයි 30, පෙ.ව. 2:16
ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස හත් වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමි ඊයේ කොටුව අධිකරණය වෙත රැගෙන ආවා.
එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දක්වා සිටියා,
“ඉතින් අපි මැරෙන්න වුණත් බය නෑ. කවදා හිටියත් මැරෙනවා නේ. ඇත්ත කතා කරනවා. මැරෙනවා. ජාතියට, සම්බුද්ධ ශාසනයට ආදරෙයි. හැබැයි හැම ආගමක්ම, හැම ජාතියක්ම වෙනුවෙන් ලංකාවේ කතා කරපු එකම හාමුදුරුවෝ මම. මැරෙන්න බය නෑ. අපි කවදා හිටියත් මැරෙනවා. ඇත්ත කතා කරලා මැරෙන එක වටිනවා. ඇත්ත කතා කරලා හිරේ යන්න නටාෂාට බැනපු එකයි, ජෙරම්පාස් වලට බැනපු එකයි, ලකයි සිකයි ඔය කට්ටිය එකතු වෙලා තමයි මේ ජීවිතේ පළවෙනි වතාවට මිනිස්සු වැරදි වැඩ කරලා කිසිම වරදක් නොකර මිනිස්සු වෙනුවෙන් හිරේ යන්න සිද්ධ වුණා.”
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:06