2023 මැයි 31, පෙ.ව. 12:11
2019 වසරේ සිට මෙරට ගවයින් ආශ්‍රිතව නව රෝගී තත්වයක් ව්‍යාප්ත වන බව සත්තු නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබෙනවා.
ගවයින්ගේ සම ආශ්‍රිතව ඇතිවන සමේ ගැටිති රෝගය හෙවත් ලම්පිස්කින් ඩිසීසස් යන නමිනුයි මෙම රෝගය හඳුන්වන්නේ.
මේ රෝගය ඉන්දියාව හරහා උතුරු පළාතටත්, ඉන්පසුව උතුරු මැද පළාත හරහා වයඹ පළාතටත් ව්‍යාප්ත වෙන්න ඇති කියලා තමයි දැනට විශ්වාස කරන්නේ.
වෛරස් රෝගයක් වන මෙහි ප්‍රධානම රෝග ලක්ෂණය වෙන්නේ ගවයින්ගේ සමයෙහි ඇතිවන තුවාල.
ඊට අමතරව ගවයාට අධික උණ තත්ත්වයක් ඇති වීමත් කිරි නිෂ්පාදනය අඩාල වීමත් දකින්නට ලැබෙනවා.
පශු වෛද්‍යවරුන්ට අනුව මෙම රෝගය ව්‍යාප්ත වන්නේ කිනිතුල්ලන්, මැස්සන්, මදුරුවන් යන වාහකයින් මගින්.
ඊට අමතරව සෘජු ස්පර්ශයෙන්ද සමේ ගැටිති රෝගය ව්‍යාප්ත වන බව සඳහන් වනවා.
යම් ගවයෙක්ට මෙම රෝගය වැළඳී ඇත්නම් ඔබ කරන්න ඕනේ අනෙකුත් නීරෝගී සත්වයින්ගෙන් රෝගී සත්ත්වයාව වෙන් කර තබා ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලයට මේ ගැන දැනුම් දීමයි.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:05