2023 මැයි 31, පෙ.ව. 2:08
විශේෂයෙන්ම බුදු දහමට නිග්‍රහ කරන වැඩපිළිවෙල වෙන් වෙන්ව සිදුවන්නක් නොවන බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා.
ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝභිත හිමි මේ බව පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමි පැවසුවේ පාර්ලිමේන්තුව හරහා නව නීති පැනවීම තුළින් ඔවුන්ගේ ගමන නැවැත්විය යුතු බවයි.
“විශේෂයෙන්ම බුදු දහමට නිග්‍රහ කරන ඒ වැඩපිළිවෙල වෙන් වෙන්ව තනි තනියෙන් සිදුවන්නක් නෙවෙයි. මෙය සංවිධානාත්මක වැඩපිළිවෙලක ප්‍රදර්ශනය වන අවස්ථාවක්ය කියන බව අපි පැහැදිලි කරලා දෙන්න ඕන. පාර්ලිමේන්තුව අලුත් නීති පනවා ගෙන හෝ මෙවන් වාචාලයින්ගේ උපක්‍රම වහාම වැළැක්විය යුතුයි.”
පූජ්‍ය ආචාර්ය අගලකඩ සිරිසුමන හිමි මෙසේ අදහස් දක්වා සිටියා,
“පාලකයන්ගේ බල පැවැත්ම සඳහා අවශ්‍ය වන අණ පනත් එක දවසින් දෙකෙන් අරගෙන ඇවිල්ලා සම්මත කරගන්න උත්සාහ කරද්දී ඇයි බෝන් අගේන් තහනම් කරන්න පාර්ලිමේන්තුවට පනතක් ගේන්න බැරි? අද පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මැති ඇමතිවරුත් මේකට එකතු වෙලා ඉන්නවා.”
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06