2023 මැයි 31, පෙ.ව. 9:53
මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනී කුමුදුනී විතාන මහත්මියට ස්ථාන මාරුවක් ලබා දී එම තනතුරට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය විසින් අත්තනෝමතික ලෙස විරංජන් ඩයස් සුමනසේකර මහතා පත්කර එවීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සෙසු සමාජිකයින් විරෝධය දැක්වීම හේතුවෙන් මේ වනවිට අදාළ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
විරංජන් ඩයස් සුමනසේකර මහතා මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි තනතුර බාර නොදීම හේතුවෙන් කුමුදුනී විතාන මහත්මියගේ සේවය අත්හිටුවා ඇයගේ වැටුප්ද නතර කළ බව දක්වමින් කොමිෂන් සභාවේ ලේකම්වරයා ලිපියක් යොමුකර තිබෙනවා.
තමන් මහනුවර කාර්යාලයේ සිට කොළඹ කාර්යාලයට මාරු කරන ලද්දේ විධිමත් ක්‍රියාපටිපාටියෙන් බැහැරව බව දක්වමින් කුමුදුනී විතාන මහත්මිය අභියාචනා අධිකරණය මගින් රිට් ආඥාවක් ලබාගෙන තිබෙනවා.
කුමුදුනී විතාන මහත්මියගේ මාරුව හා වැටුප් අත්හිටුවීම තාවකාලිකව ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනා අධිකරණය දැනුම් දී තිබිය දී කොමිෂන් සභාවේ ලේකම් රංජිත් උයන්ගොඩ ගේ සහයෝගය ඇතිව විරංජන් ඩයස් සුමනසේකර මහතා ඊයේ (30) පැමිණ බලහත්කාරයෙන් ඇගේ අසුනේ වාඩිවීමට උත්සහ කිරීම හේතුවෙන් දැඩි නොසන්සුන්තාවක් ඇති වූ බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් මහාචාර්ය විජිත නානායක්කාර මහතා සඳහන් කළා.
අදාළ සිදුවීම් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට කොමිෂන් සභාවේ ලේකම්වරයා දැඩි විරෝධයක් එල්ල කරමින් එම ස්ථානයෙන් පිටව යාමත් සමඟ ඒ අසළ සිටි පිරිසක් විරංජන් ඩයස් සුමනසේකර මහතාට බැණ වැදුණු අතර ඒ අවස්ථාවේ ඔහු ඔවුන් ගේ ගැලවී පළා ගියා.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය කොමිසමේ සාමාජිකයින් නොසලකා හැර අත්තනෝමතික ලෙස තනි තීන්දු ගැනීම හේතුවෙන් මේ වනවිට කොමිෂන් සභාවේ වැඩකටයුතු අවුල් වී තිබෙන බවත් මේ සම්බන්ධව ජනපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් මහාචාර්ය විජිත නානායක්කාර මහතා සඳහන් කළා.
කොමිෂන් සභාවේ එකඟතාව නොමැතිව සභාපතිනියට තනි කැමැත්ත මත සේවකයින් මාරු කිරීමේ හැකියාවක් නොමැති බවත් මහනුවර කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනිය මාරු කිරීමට කොමිෂන් සභාවේ සාමාජිකයින් තීන්දුවක් ගෙන නොතිබිය දී ඇයව මාරුකර වෙනත් පුද්ගලයෙකු ඊට අනුයුක්ත කිරීම මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් යැයි ද ඒ මහතා පැවසුවා.
මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ඇතුළු කණ්ඩායමක් ද ඊයේ (30) පස්වරුවේ එම ස්ථානයට පැමිණියා.
මහනුවර මානව හිමිකම් කාර්යාලය භූමියට පැමිණ සිටි පිටස්තර පිරිසක් තමන්ට පහර දීමට උත්සහ කළ බවත් ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් සිදු කරන බවත් විරංජන් ඩයස් සුමනසේකර මහතා කීය.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06