2023 ජූනි 01, පෙ.ව. 1:03
මහනුවර ජාතික රෝහලේ හෘද ඒකකයේ හෘද කැතීටරකරණ ඒකක දෙකෙන් වඩාත් පැරණි ඒකකය මේ වන විට අක්‍රියව තිබුණද නව කැතීටරකරණ ඒකකය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව දෛනික අදාළ සෞඛ්‍ය සේවාවන් සිදු කරමින් පවතින බව මහනුවර ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
වසර 17 ක් පමණ පැරණි කැතීටරකරණ ඒකකය මේ වන විට අලුත්වැඩියා කල යුතු තත්වයේ පවතින බවත් ඒ සඳහා අවශ්‍ය අමතර කොටස් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍යව පවතින බවත් එම අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 40ක් පමණ මුදලක් වැයවෙතැයි තක්සේරු කොට ඇති බවත් මේ පිළිබඳ අදාළ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදුකරමින් පවතින බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළා.
මෙම කැතීටරකරණ ඒකකය මගින් සිදු කරන ඇන්ජියෝග්‍රෑම් ඇතුළු අනෙකුත් පරීක්ෂණ සඳහා රෝගීන් විශාල සංඛ්‍යාවක් පොරොත්තු ලේඛනයේ සිටින බව සත්‍යයක් බවද වසර 04 ක් පමණ පැරණි නව කැතීටරකරණ ඒකකය මගින් දෛනිකව රෝගීන් සංඛ්‍යාවක් පරික්ෂා කරන බවද ඇය සඳහන් කළා.
මෙම කැතීටරකරණ යන්ත්‍ර මගින් ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ, හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල පරීක්ෂණ, හෘදයේ සිදුරු හදුනා ගැනීම, ස්ටෙන්ටිං ප්‍රතිකාර ඇතුළු හෘදයේ සෞඛ්‍ය සේවාවන් රැසක් සිදු කරන බව සඳහන් වන අතර මෙම සේවාවන් පෞද්ගලික අංශ විසින් ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද සඳහන් වෙනවා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:05