2023 ජූනි 01, පෙ.ව. 8:58
මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා සිය නිවස තුළ අභිරහස් අන්දමින් මියයෑම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අයේෂ් පෙරේරා නමැති 42 හැවිරිදි විවාහකයෙක්.
ඊයේ උදෑසන හදිසි රාජකාරියක් සඳහා පිටත්ව යෑමට සේවකයකු ඔහුගේ නිල නිවසට පැමිණ ඇති අතර එහි කාමරයක් තුළ ප්‍රාදේශීය ලේකම්වරයා ගෙල වැලලාගෙන සිටිනු දැක පොලිසියට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිසිය විමර්ශන ආරම්භ කළා .
ප්‍රාදේශීය ලේකම්වරයාගේ දේපළ කොල්ලකෑමට පැමිණි කිසියම් අයකු ඔහුව ඝාතනය කර එල්ලුවේ ද? එසේත් නොමැතිනම් මෙය සියදිවි නසාගැනීමක් ද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදුකරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12