hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 01, පෙ.ව. 9:09



සිදුහත් චරිතයට මෙන්ම බෞද්ධ සංස්කෘතියට අවමන් වන ආකාරයේ ප්‍රකාශ සිදු කරමින් මෝඩ අභිමානය නමින් ප්‍රහසනයක් සිදු කල නතාශා එදිරිසූරිය නැමති කාන්තාව මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරී හිමිනමක් වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එම කාන්තාව පිටුපස සිටින බලවේගද අත්අඩංගුවට ගැනීමෙන් රහස් රැස් අනාවරණ කරගත හැකිවනු ඇති බවයි.

“අපි පසුගිය දිනෙක අනාවරණය කරා මේ මංජු නිශ්ශංක කියලා පුද්ගලයෙක්ගේ බුදු දහමට සහ බෞද්ධ සංස්කෘතියට පහරදෙන න්‍යාය පත්‍රයක් සම්බන්ධව. නමුත් මේ වෙනකොටත් තිරයෙන් ඉස්සරහ පිට ඉන්න මේ නතාෂා කියන පුංචි කාන්තාවක් විතරයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ 2021 මැයි හත ආසන්නයේ හෝටලයක ඉකොනමික් ෆෝරම් එකක් හැදුවා. ඒ දවස් වල රාවයක් ගැන ශැන්ශ්‍රිලා එකේ ඉඳගෙන බිස්නස්මන් කෙනෙක් අරගලයට ෆන්ඩ් කරනවා කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි. මේ කියන්නා වූ මංජු නිශ්ශංක. මේ බෘෘනෝලා මේ හැමෝම එකතු වෙලා මේ කරන මේ සෙල්ලම දැන් නවත්තන්න කාලේ හරි. මේක පිටිපස්සේ හඹාගෙන හඹාගෙන ගියා ම හොඳ හොඳ දේවල් එළිවෙන යාමට හොයාගන්න පුළුවන්.”