2023 ජූනි 01, ප.ව. 4:00
ආගමික සංහිඳියාව මෙරට ඇති කිරීමට ආගමික නායකයන් මේ මොහොතේ එකතු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.
හෙතෙම මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී එස්. එම්. චන්ද්‍රසේන මෙසේද සඳහන් කළා.
“ජෙරොම් කියන ආගමික නායකයෙක් කියා ගන්නා පුද්ගලයා ඒ හැසිරෙන විදිහ බැලුවාම ලෝක විනාශයකට පත් වෙන්න තිබුණා කියලා සැකයක් තිබෙනවා. බුදුහාමුදුරුවන්ගේ ධර්මය විවේචනය කරමින්, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය විවේචනය කරමින්, නබිතුමාගේ ඉස්ලාම් ආගම විවේචනය කරමින් යනවා. ඒ ඔක්කෝම ආගම් කර්තෘවරුන්ට උපදෙස් දෙන කට්ටියක් දැන් බිහිවෙලා ඉන්නේ. හැබැයි ඔය පිරිස බිහිවූ තැන තමයි ගෝල්ෆේස් අරගල භූමිය. ඔතැනින් තමයි මූලබීජය පටන් ගත්තේ. එතැන තමයි නොයෙකුත් ආකාරයේ පිරිස් එකතු වෙලා ආගම්වලට, දේශපාලන පක්ෂවලට, ආණ්ඩුවට ගැහීමේ ප්‍රතිඵල තමයි අද භුක්ති විඳින්නේ.
අද ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් කියනවා මේ ආණ්ඩුව හදාගත්ත දෙයක්ලු. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආගමිකයන්ව අවුස්සන්න යනවලු. අපි ආගම් භේද ඇති කිරීම යන පක්ෂයක්වත්, ආණ්ඩුවක්වත් නොවෙයි. අපි ආගමික සංහිඳියාව ඇති කරන්න උත්සාහ කරන්නේ. ජනාධිපතිතුමත් පනතක් ගේනවා කියලා තියෙනවා. ඒ වගේම ඒ පනත්වලින් පමණක්ම මේ සංහිඳියාව ඇති කරන්න බෑ. මෙය සියලුම ආගම්වලට ගහන පහරක්. ඒ නිසා සියලුම ආගමික නායකයෝ හැමෝම එකතු වෙලා මෙයට මුහුණ දිය යුතුයි. අද වනකොට නතාෂා, ජෙරොම් ඒ වගේම කුණුහරුප කිය කිය ඇවිදපු රාජාංගනේ හාමුදුරුවෝ ගැන විමර්ශනය කරගෙන යනවා. යම් කිසි සංහිඳියාවක් රටේ ඇති වෙලා තිබෙනවා නම් ඇති වෙලා තිබෙන්නේ මේ ආගම් නිසා. ඒ ආගම් කර්තෘන් දේශනා කරපු ධර්මය තමයි විවේචනය කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම රටක් හැටියට, ජාතියක් හැටියට අපි සියලු දෙනා එකතු වෙලා මෙයට මුහුණ දිය යුතුයි.
දේශපාලන වාසි ගන්නේ නැතිව සියලු දෙනා මෙහි යථාර්ථය තේරුම් අරගෙන කටයුතු කරන්න. අරගලේ ගැන මහා ලොකුවට පුරාජේරු ගහපු පිරිස වෙලා තිබෙන දේ පිළිබඳව වගකියන්න ඕනෑ. මේ අරගලයේ ප්‍රතිඵල තමයි අද භුක්ති විඳින්නේ. විදුලිය, ගෑස්, තෙල් නැති හින්දා යම්කිසි පිරිසක් මේ අරගලයට එකතු වුණා. නමුත් මෙය මෙහෙයවපු අයගේ අරමුණු සහ වැඩපිළිවෙළ මොකක්ද කියන එක දැන් එළියට එමින් පවතිනවා.”
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06