2023 ජූනි 02, පෙ.ව. 12:13
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දීය ඔයිල් සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ඉන්ධන හිඟයක් ඇති වීමේ අවධානමක් නොමැති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
එම නිසා කලබලයක් ඇති කර නොගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඉන්ධන මිල සංශෝධනය වන බවට දැනගැනීමත් සමග පිරවුම්හල් හිමියන් විසින් ඇනවුම් ලබා නොගැනීම නිසා මෙලෙස තාවකාලික හිඟයක් ඇති වී තිබෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අලෙවි නියෝජිතයන් 50% ක අවම තොගයක් පවත්වා ගත යුතු බවත් එලෙස අවම තොග පවත්වා ගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දී තිබෙනවා.
එසේම ඛනිජ තෙල් සංස්ථාව සහ IOC සමාගම සතුව පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් ද ඔහුගේ ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් සඳහන්.
2024 අප්‍රේල් 28, ප.ව. 4:12
2024 අප්‍රේල් 28, ප.ව. 2:27
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:17
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:09
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:04