2023 ජූනි 02, ප.ව. 12:22
අනුරපුර පොසොන් උළෙලට සහභාගි වන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සඳහා අමතර බස් රථ 400ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් ලංගම රජරට ප්‍රාදේශිකය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා: “අනුරාධපුර, මිහින්තලා පොසොන් කලාප සඳහා කොළඹ සිට අනුරාධපුර පොලොන්නරුව, හොරොව්පතාන, කැකිරාව, දඹුල්ල, කැබිතිගොල්ලෑව සඳහා බස් 372ක් යොදවා තියෙනවා. ඊට අමතරව මිහින්තලාව හා අනුරාධපුර දක්වා අතිරේක බස්රථ 60ක්ද මහනුවර සිට අනුරාධපුර දක්වා සහ කුරුණෑගල සිට අනුරාධපුර දක්වා අතිරේක බස්රථ 20ක් කුරුණෑගල, උතුර, දකුණ, වාරියපොළ, මඩකළපුව දක්වා සමස්ත බස්රථ 50ක් යොදවනු ලැබේ. හෝමාගම පිටිපන පොසොන් කලාපය වෙනුවෙන් එම ප්‍රදේශයේ සවස 6න් පසු විශේෂ බස්රථ 60ක් පමණ ධාවනයේ යෙදවීමටද නියමිතය. එසේම හෝමාගම පොසොන් කලාපය වෙනුවෙන් පිටිපන, හොරණ, අවිස්සාවේල්ල, මහරගම, කැස්බෑව යන ප්‍රදේශවලට එම බස් යොදවනු ලැබේ. මගින්ගේ අවශ්‍යතාව මත ගමනාගමන සේවකයන් පැය 24 පුරා සේවයේ යෙදවීමටද නියමිතයි.”
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.එස්. ඉදිගොඩගේ මහතා: “ජූනි 2 සිට 5 දක්වා විශේෂ දුම්රිය ගමන් වාර 12ක් සිදු කිරීමට නියමිතයි. ඊට අමතරව සාමාන්‍ය පරිදි අනුරාධපුර කොටුව ගමන්වාර 10ක් ඇත. බෙලිඅත්ත ගාල්ල සිට විශේෂ දුම්රිය 6ක්ද ජූනි 2 දා පස්වරු 1ට කොළඹ සිට අනුරාධපුරය දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරේ. එදිනම පස්වරු 4.40ටද කොළඹ සිට අනුරාධපුරය දක්වා ධාවනය කෙරේ. රාත්‍රී 8.15ට ගාල්ල සිට විශේෂ දුම්රියක් ධාවනය කෙරේ. පෝය දින (03) පෙරවරු 7.05ට කොළඹ සිට අනුරාධපුර දක්වාත් උදේ 7.30ට බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වාත් දුම්රිය විශේෂ ගමන් වාර පැවැත්වේ. සැදැහැවතුන්ගේ නැවත පැමිණීම වෙනුවෙන් ජූනි 3 සවස 5ට අනුරාධපුර කොළඹ දක්වාත් රාත්‍රී 9.30ට අනුරාධපුර සිට ගාල්ල දක්වාත් ඊට අමතරව ජූනි 4 විශේෂ දුම්රිය ධාවනයට එක්කිරීමටත් නියමිතය. ඊට අමතරව ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත හෝමාගම පිටිපන පොසොන් කලාපය වෙනුවෙන් කොස්ගම සිට මහරගම දක්වාත් මහරගම සිට කොස්ගම දක්වාත් විශේෂ දුම්රිය ධාවනයක් සිදු කෙරෙනු ඇත.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06