hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 ජූනි 03, පෙ.ව. 10:34



කැනඩාවේ ජීවත් වන දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වන රෝයි සාමදානම් මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැ දැක ජාතික සංහිදියාව ගොඩ නැංවීමේ වැඩ පිලවෙල පිළිබදව පෙරේදා (01) දීර්ඝ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මෙරට යුධ ගැටුම් පැවැති සමයේ විශාල ජනතාවක් රට හැර යාමෙන් ඔවුන් අතර සංහිදියාව ඇති කර ගැනීමේ අවශ්‍යතාවයත්, නැවත එවැනි ගැටුම් ඇතිවීම වළක්වා ගනිමින් සමගියෙන් ජීවත්වීම සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීම සහ සාමය ගොඩ නැගීමේ කටයුතු විධිමත්ව කර ගෙන යාමේ අවශ්‍යතාවය රෝයි සාමදානම් මහතා විසින් අවධාරණය කළා..