hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2023 ජූනි 04, පෙ.ව. 9:13



දුෂණ සංජානන දර්ශකයේ රටවල් 180 අතුරින් ශ්‍රිලංකාව (2022) වර්ෂයේ දී 101 වැනි ස්ථානයට පත්ව ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ දැක්වෙනවා.

ශ්‍රි ලංකාව 101 වැනි ස්ථානයට පත්විමෙන් රට තුල දුෂණය බහුලව සිදුවන බවට පැහැදිලිවන බවද මහ බැංකු වාර්තාවේ සදහන්.

මෙම තත්වය හමුවේ දුෂණයට එරෙහි එක්සත්ජාතින්ගේ සම්මුතියට අනුකුල වන පරිදි දුෂණ විරෝධි පනත ගෙන ඒම ඉතාමත් සුදුසු බව මහ බැංකුව පෙන්වා දෙනවා.

දුෂණය පාලනය කිරිමේ ක්‍රියාමාර්ග හා විනිවිදභාවය ඉහල නැංවිමේ ක්‍රියාවලින් ශක්තිමත් කිරිම ද ඵලදායි නොවන රාජ්‍ය වියදම් කපාහැරිම ද ඉතා වැදගත් බව මහබැංකුව සදහන් කොට තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය මුල්‍ය විචක්ෂණභාවය හා රාජ්‍ය මුල්‍ය අධික්ෂණය ශක්තිමත් කිරිම සදහා අඛණ්ඩව කැපවිය යුතු බවද මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන්.