2023 ජූනි 06, ප.ව. 12:02
රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වැය කරමින් අපේක්ෂා රෝහලට මිල දී ගෙන ඇති ස්වයංක්‍රිය එන්නත්කරණ යන්ත්‍රය මේ වන විට අක්‍රිය තත්ත්වයක පවතින බව ත් එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් රෝහලේ උසස් නිලධාරියෙක් පැවසුවා.
මෙම යන්ත්‍රයට අවශ්‍ය සම්බන්ධක කැතීටර මිල දී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශ්වයෙන් නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව හෙතෙම සඳහන් කළා.
ස්වයංක්‍රිය එන්නත්කරණ යන්ත්‍රය භාවිත කරනු ලබන්නේ පිළිකා රෝගීන්ට ලබා දෙන විකිරණශීලී එස්.ඩී.ජී. ඖෂධය එන්නත් කිරීම සඳහා බව ත් එය එන්නත් කිරීමට නිර්දේශ කර ඇත්තේ මෙම යන්ත්‍රය මගින් බව ත් ඔහු සඳහන් කළා.
ඒ අනුව එම ප්‍රතිකාර සේවා සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ද විකිරණවලින් ආරක්ෂාවක් ලැබීම හේතුවෙන් මෙය භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇතැයි ද ඔහු පැවසුවා.
මේ වන විට විකිරණ තාක්ෂණවේදී නිලධාරීන්ට දැවැන්ත අවදානමකට මුහුණ දෙන්නට සිදුවන බව ත් රෝගීන් හා සෞඛ්‍ය නිලධාරීන් මෙවැනි අර්බුදයකට ලක් කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය වගකිවයුතු බව ත් ඔහු සඳහන් කළා.
මෙම යන්ත්‍රයට අමතරව රෝහල තවත් රුපියල් කෝටි 4ක් වැය කරමින් රෝගීන්ට එන්නත් කිරීම සඳහා තව ත් යන්ත්‍රයක් මිල දී ගනු ලැබුව ත් එය ද භාවිතයෙන් ඉවත් කර ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවා.
එම යන්ත්‍රයට අදාළ සම්බන්ධක කැතීටර 2021 වර්ෂයේදී අවසන් වී ඇති නමුත් මුදල් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් එය නැවත භාවිත කිරීමට නොහැකි වීම හේතුවෙන් විශාල අවදානමක් නිර්මාණය වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06