2023 ජූනි 06, ප.ව. 1:02
දේශපාලනයට පිවිසෙන සියලු දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවත්, පළාත් පාලන මැතිවරණ නාමයෝජනා භාර ගැනීමේ දී එය ආරම්භ කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යරයා පෙන්වා දෙන්නේ ඊට අමතරව අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද බදු ගොනු ආරම්භ කිරීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බවයි.
රුවන්වැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
පසුගිය දා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ චක්‍රලේඛය මගින් බදු ගෙවිය හැකි යැයි අපේක්ෂිත කාණ්ඩ 14කට ගොනු විවෘත කිරීම අනිවාර්ය කළ අතර බදු ගොනුවක් විවෘත කිරීම බදු ගෙවීම අනිවාර්ය කිරීමක් නොවන බව ද අවධාරණය කළා.
රජය බලයට පත් වන අවස්ථාවේ 80% – 20% ලෙස පැවැති වක්‍ර සහ ඍජු බදු අනුපාතය මේ වන විට 70%-30% මට්ටමට රැගෙන ඒමට හැකිවී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසර අවසන් වන විට එම අනුපාතය 60%-40% මට්ටමට රැගෙන ඒම රජයේ අපේක්ෂාව බවයි.
2025 අගෝස්‍තු 05, ප.ව. 5:45
2025 අගෝස්‍තු 05, ප.ව. 4:20
2025 අගෝස්‍තු 05, ප.ව. 4:16
2025 අගෝස්‍තු 05, ප.ව. 3:01
2025 අගෝස්‍තු 05, පෙ.ව. 11:49