2023 ජූනි 07, පෙ.ව. 8:58
මවුපිය දත්ත ඇතුළත් කර විද්‍යුත් තැපැල් ගිණුම් (ඊමේල්) සැකැසීමෙන් පාසල් දරුවන් කාමෝද්දීපන වෙබ් අඩවි ඇතුළු නුසුදුසු අන්තර්ජාල පිවිසුම්වලට ඇතුළුවීමේ දැඩි අනතුරක් ඇතැයි පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීහු පාර්ලිමේන්තුවේ ප්රතිසන්ධානය සහ ජාතික සමඟිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කර තිබෙනවා.
මාර්ගගත අධ්‍යාපනය ප්‍රචලිත වීමේ ප්‍රතිඵලයක් ලෙස පාසල් දරුවන් වැඩි වශයෙන් ස්මාර්ට් ජංගම දුරකථන සහ පරිගණක උපාංග භාවිත කිරීමේදී පසුගිය කාලයේ වාර්තා වූ සිදුවීම් පදනම් කරගෙන පොලිසියේ ජේයෂ්ඨ නිලධාරීන් මෙම කරුණු දැක්වීම කර තිබෙනවා.
දරුවන්ගේ වයස ඇතුළු නිවැරැදි දත්ත ඇතුළත් කොට විද්‍යුත් තැපැල් ගිණුම සැකැසීම මීට හොඳම විසදුම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව රැස් වූ එම කාරක සභා සාමාජිකයන්ට යෝජනා කර තිබෙනවා.
එසේ නිවැරැදි දත්ත ඇතුළත් කර දරුවන්ට විද්‍යුත් තැපැල් ගිණුම සැකැසීමෙන් දරුවන්ට නුසුදුසු දර්ශන මෙන්ම වෙබ් අඩවි සොයාබැලීමේ හැකියාව සහ ප්‍රවේශය අන්තර්ජාලය විසින්ම පාලනය කරනු ලබන්නේ යැයිද ජේයෂ්ඨ පොලිස් නිලධාරීහු පැවැසූවා.
එසේම දුරකථන භාවිතයේදී එම දුරකථන විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත දුරකථනයක් දැයි පරීක්ෂා කිරීම වැදගත් යැයි පෙන්වා දුන් එම අපරාධ අංශයේ පොලිස් නිලධාරීහු යම්කිසි අපරාධයකට එම දුරකථන යොදාගතහොත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීමේ අවස්ථාව මෙමඟින් උදාවන්නේ යැයි පෙන්වා දී තිබෙනවා.
විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කළ ජංගම දුරකථනවලට සිම් පතක් ඇතුළු කළවිට ඊට අදාළ දත්ත කොමිෂන් සභාවට ලබාගැනීමේ හැකියාව ඇතැයි ඔවුහු අවධාරණය කරනවා.
පොලිසිය විසින් ජාතික සංහිඳියාව හා ළමා කාන්තා කාර්යාංශය සම්බන්ධව සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳවද පුළුල් ලෙස මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:04