2023 ජූනි 07, පෙ.ව. 10:38
පොසොන් දිනවල අනුරාධපුරට පැමිණි ලක්ෂ සංඛ්‍යාත පිරිස් විසින් කැළිකසළ ටොන් 200කට අධික ප්‍රමාණයක් පරිසරයට මුදාහැර ඇතැයිද ඒවා ඉවත්කර නැවත පිරිසුදු කිරීමට තවත් දින පහක් (5) හෝ හතක් (7) අතර කාලයක් ගතවනු ඇතැයි අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා සඳහන් කරනවා.
බැතිමතුන්ගෙන් කෙතරම් ඉල්ලීම් කළත් පොලිතින්, වතුර බෝතල් සහ දිරන නොදිරන ද්‍රව්‍ය රැසක් පරිසරයට මුදාහැර ඇති බව කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.
මේ අතර නුවර වැව, තිසා වැව, බසවක්කුලම වැව මෙන්ම මල්වතුඔය ආශ්‍රිතව පවා බහුලව මේ අපද්‍රව්‍ය මුදාහැර තිබෙනවා.
ලක්ෂ විස්සකට අධික පිරිසක් මුදාහරින ලද අපද්‍රව්‍ය ඉවත් කිරීම ඉතා පහසු කටයුත්තක් නොවන බව පෙන්වා දෙන නාගරික කොමසාරිස්වරයා පූජා නගරය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යෑම අනිවාර්යයෙන් කළයුතු බවද එය අඛණ්ඩව මහනගර සභාව මඟින් සිදුකරන බවද පැවැසුවා.
දන්සල් පමණක් දෙසීය ඉක්මවා තිබූ අතර කසළ (කුණු) ටොන් ගණනාවක් මේ වන විටත් ඉවත් කර ඇති බව හෙතෙම සඳහන් කළා.
මෑත කාලයේ පැමිණි වැඩිම පිරිස මෙය වන බවද හෙතෙම සඳහන් කර සිටියා.
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:08