hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 ජූනි 10, පෙ.ව. 1:06



කලවන්චිකුඩි කලුදාවලි ප්‍රදේශයේ දී විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගැනීමෙන් තරුණියක් මිය ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ ඇයගේ මවද අසාධ්‍ය තත්ත්වයෙන් මඩකළපුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

කලුදාවලි වෙරළ තීරයේ ධීවරයින් විසින් ඉවත්කර තිබු මත්ස්‍ය වර්ගයක් මියගිය තරුණියගේ මව නිවසට රැගෙන විත් තිබෙනවා.

එම මත්ස්‍ය වර්ගය විෂ සහිත බැවින් ඒවා ආහාරයට නොගන්නා ලෙස ධීවරයින් එම කාන්තාවට දැනුම් දී තිබුණද එම ප්‍රකාශ නොසලකමින් ඒවා නිවසට රැගෙන ගොස් පිස සිය දියණිය සමග ආහාරයට ගෙන ඇති බව සඳහන් වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පසුව රෝගී වූ ඔවුන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී 27 හැවිරිදි දියණිය මිය ගොස් ඇති බවයි.