hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 11, පෙ.ව. 2:35



දරුවන්ගේ ආකල්ප වර්ධනය කරන්න පුළුවන් හොඳම පරිසරය නිවස සහ පාසලයි. 

එය එසේ වුවත් පසුගිය සති කිහිපය පුරා ඇතැම් දරුවන්ගේ අනිසි ක්‍රියාගැන නිරන්තරයෙන් වාර්තා වුණා.

ලංකා ගුරු සංගමය පවසන්නේ මේ තත්ත්වයට පාසල් ගුරුවරු ඇතුළු අධ්‍යාපන බලධාරීන් ද වගකිව යුතු බවයි.  

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙසේ සඳහන් කළා.

“ළමයා තමන් ඉගෙන ගන්න පාසලේ ෆෑන් එක කඩනවා නම්, පුටුව කඩනවා නම්, බිත්තිය හූරනවා නම් ඉතින් මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ අධ්‍යාපනය තුළින් ම එන මානසිකත්වයෙන්. ළමයි පීඩනයට පත්වෙලා ඉන්නේ. ඒ පීඩනය තමයි මේ පිට වෙන්නේ. මේ විභාග ක්‍රමය ජයගන්නේ කවුද? දැනුම තියෙන ළමයද ජයගන්නේ? කටපාඩම් කරන්න පුලුවන් ළමයා. අධ්‍යාපනය තුළ පරිවර්තනයක් තමයි වෙන්න ඕනේ. ළමයි විසින් ඇති කරන ලද මේ තත්ත්වයට අධ්‍යාපන බලධාරීන් සහ ගුරු සහ විදුහල්පතිවරුන් කියලා අපි පැහැදිලිවම කියනවා.

ගුරුවරු උද්ඝෝෂණය කරනවා නම් ඒකට වගකියන්න ඕනේ ඒ ප්‍රශ්න විසඳපු නැති පාලකයෝ. රට පාලනය කරන්නේ මිරිස් කුඩු ගහන අය නම් රට පාලනය කරන්නේ පුටුවලින් පාර්ලිමේන්තුවේ ගහන උන් නම් ළමයි හැසිරෙන්නෙත් එහෙම තමයි. ළමයින්ට දෙන ආදර්ශය මොකක්ද? මේකට විසඳුමක් අවශ්‍යයි. විසදුම තමයි නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ළමයින්ට පාසල ප්‍රියමනාප පරිසරයක් බවට පත් කිරීම.”

Example Image