2023 ජූනි 14, පෙ.ව. 1:02
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පවත්වන සන්ධ්‍යා මෙහෙය ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
ඒ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
සල්ලි විසිකරලා ප්‍රතිපත්ති පාවාදීලා ස්වර්ගයට යා නොහැකි බව කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසනවා.
ආගම විහිළුවක් කර නොගන්නා ලෙසත් ක්‍රිස්තු චරිතය යනු අන්අයට පරිභව කිරීමට යොදාගන්නා මෙවලමක් නොවන බවද කාදින් හිමියෝ සඳහන් කර සිටියා.
ආගම යනු අන් අයට පරිභව කිරීමට,හිංසා කිරීමට, අපහාස කිරීමට යොදාගන්නා අවියක් නොවන බවද පවසනවා.
එහිදී උන්වහහන්සේ මෙසේ සඳහන් කර සිටියා.
“මෙතන මේ පල්ලියේ දැන් අවුරුදු හතරකට ඉස්සෙල්ලා මොකද උනේ? පල්ලියේ බෝම්බ පිපුරුවා නේද? දෙසිය හැත්තෑ දෙකක් මැරුණේ නැද්ද? මේ මිනීමැරුමට කවුද සම්බන්ධ? ඒවා ගැන සාධාරණ පරීක්ෂණයක් කළාද? තාමත් නෑනේ. අපිව රවට්ටන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඇති මේගොල්ලෝ. නෑ නෑ නෑ. අපි රැවටෙන් නෑ. ඕගොල්ලෝ තමයි රැවටෙන්නේ දවසක. පල්ලිවල මිනී මරන්න හෝටල්වල මිනී මරන්න, අනුබල දුන්නු අය ශක්තිය දුන්නු අය අද සමාජයේ ලොකු තැන්වල ඉන්නවා.
මතක තියාගන්න. ශුද්ධෝනි මුනිතුමාගේ මැදහත්කමින් ඔබව හොයාගෙන එනවා ඕක. ඇවිල්ලා කවදහරි දවසක වැඩිකල් යන්න මත්තෙන් ඔබම ඔබ පාවාදීලා, ඔබගේ ඇතුලෙන්ම ඔය සත්‍ය එළියට එනවා. අන්න එදා එනකම් අපි බලාගෙන ඉන්නවා, තව ලොකු මංගල්‍යයක් ගන්න මේ පල්ලියේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආගම තවත් කෛරාටික අත්දැකීමක් කරගන්නට උත්සාහ කරන අයට දවසක් තරවටු කළා. මම හොඳ ආගම් කාරයෙක්. මම ප්රාතිහාර්ය කරන්නෙක්. මම මැජික් කාරයෙක් කියලා ලෝකෙට පෙන්නන එක නෙමෙයි ක්‍රිස්තු ධර්මය කියලා කියන්නේ. ක්‍රිස්තු ධර්මය කියලා කියන්නේ අනුන්ට හිරිහැරයක් නොවන විදිහට ජීවත් වෙන එක. ක්‍රිස්තු ජීවිතය කියන්නේ අනිත් මිනිස්සුන්ගේ ආගම් වලට පරිභව කිරීමක් නෙමෙයි. ඒක මහ කැත වැඩක්. මිනිස්සුන්ව රවට්ටලා, තමන්ගේ මඩිය තර කරගන්න. බොරුකාරයෝ, තක්කඩියෝ, හොරු.”
මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ වාර්ෂික මංගල මහා දිව්‍ය පූජා යාගය ඊයේ (13) පෙරවරුවේ පැවැත්වුණා.
කොළඹ පදවිය සහයක රදගුරු අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙවර මංගල මහා දිව්‍ය පූජා යාගය සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08