hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2023 ජූනි 14, පෙ.ව. 2:12



ගාල්ල, අක්මීමණ ප්‍රදේශයේ නිවෙසක නිදා සිට් පුද්ගලයකු ඊයේ (13) පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වූ ගාල්ල, කපුහෙම්පල, කාතුහේනවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය පවසන්නේ අද අලුයම මේ පුද්ගලයාගේ නිවෙසට ඇතුළු වූ කිසියම් පුද්ගලයකු විසින් නිවසේ සාලයේ නිදා සිටි මෙම පුද්ගලයාගේ හිසට පිහියකින් ඇන ඝාතනය කර පලා ගොස් ඇති බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

පහරදීම සිදුකල පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විශාදය රෝගයෙන් පෙළුණු අයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.