hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2023 ජූනි 14, පෙ.ව. 3:06



දින කිහිපයකට පෙර මියගිය බවට සැක කෙරෙන තඹුත්තේගම මූලික රෝහලේ වෛද්‍යවරයෙකුගේ සිරුරක් වෛද්‍ය නේවාසිකාගාරයේ තිබී සොයාගෙන තිබෙනවා.

35 හැවිරිදි ඔහු අද දිනයේදී සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහලේ සුළු සේවකයෙකු විසින් නේවාසිකාගාරයට ගොස් සිදුකළ සොයා බැලීමකදී සිරුර සොයාගත් බව තඹුත්තේගම පොලිසිය සඳහන් කළේ.

ඔහු තඹුත්තේගම මූලික රෝහලේ රුධිර කාන්දුකරණ අංශයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති අතර, බිරිඳ වෙනත් රෝහලක දන්ත වෛද්‍යවරියක ලෙස කටයුතු කරනවා.

මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණ වනු ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ඉන්සියුලින් ඖෂධය මිය ගිය වෛද්‍යවරයාගේ ඇඳ මත තිබී හමුවී ඇතැයි පොලීසිය පවසනවා.