hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 14, ප.ව. 12:15



2018 වසරට අදාළව පවත්වන ලද හෙද විභාගයෙන් ඉතා විශාල සිසුන් පිරිසක් අසමත් වීම බරපතළ සැකයක් මතුකරවන්නේ යැයි ඒකාබද්ධ හෙද සේවා සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියා.

විභාගයෙන් අසාමාන්‍ය ලෙස අසමත් වීම පිරිසේ ප්‍රමාණය සියයට 34ක් පමණ වන බව එම සංගමය සිය ලිපියෙන් අවධාරණය කොට තිබෙනවා.

මෙතරම් හෙද සිසුන් ප්‍රමාණයක් විභාගයෙන් අසමත් වීම තුළින් අදහස් වන්නේ හෙද විද්‍යාලවල ගුරු මණ්ඩලයන්හි ඉගෙනුම් ක්‍රියාවලිය හා අධ්‍යාපන ක්‍රියාවලිය අකාර්යක්ෂම බවද  යන්න ඔවුහු සිය ලිපියෙන් ප්‍රශ්න කර සිටිනවා.

එසේම විභාගයෙන් අසමත් වූ පිරිස අතර පළමු  හා දෙවැනි වසරවලදී ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් පවා ඇතුළත්ව ඇතැයිද එහි දක්වා තිබෙනවා.

විෂය නිර්දේශයන්ගෙන් බැහැර ප්‍රශ්නපත්‍ර සකස් කොට ඇති බවටත්, මූලිකව සාමාන්‍ය ක්‍රමවේදය යටතේ තිබූ විනිවිදභාවයක් ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීම දක්වාම නොමැති වූ බවටත් ඒකාබද්ධ හෙද සේවා සංගමය එම ලිපියෙන් චෝදනා කරයි.

මේ අයුරින් හෙද විභාග ප්‍රතිඵල අවුල් කිරීම තුළින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ හෙද විදුහල්වල සිසුන් අධෛර්යයට පත්කොට ධ්ර්ජ් කොන්දේසි  අනුව යමින් හෙද අධ්‍යාපනයද පෞද්ගලීකරණය කිරීමටද යන්න සැක මතුවන බව එම සංගමයේ සභාපති තැන්නේ ඤාණානන්ද හිමියෝ පැවැසූවා.

මේ තුළින් නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කොට පෞද්ගලික සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කිරීමට මඟ පාදන්නේද යන්න සැක සහිත බවද උන්වහන්සේ සඳහන් කළා.