2023 ජූනි 16, ප.ව. 2:08
අක්මීමන ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා.
රාත්‍රී ජංගම යතුරුපැදි සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙක් පරික්ෂා කිරීමට යාමේදීයි අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ.
සැකකරුවන් දෙදෙනා අතුරු මාර්ගයක රැඳී සිට ඇති අතර එක් අයෙක් සිට ඇත්තේ යතුරුපැදියකයි.
පොලිසිය එම ස්ථානයට පැමිණීමත් සමග යතුරුපැදියේ සිටි පුද්ගලයා පළා ගොස් තිබෙනවා.
සෙසු පුද්ගලයා පරික්ෂා කිරීමට උත්සාහ කිරීමත් සමග ඔහු පොලිස් නිලධාරීන් සමග පොර බැදීමක් සිදු කර පළා ගොස් ඇති අතර එහිදී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කළ බවයි වාර්තා වන්නේ.
එහිදී තුවාල ලැබූ එම සැකකරු පළා ගොස් ගාල්ල – කරාපිටිය රෝහලට ඇතුළත් වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් අගතියට පත් වූවායැයි කියන පාර්ශවය සඳහන් කරන්නේ “මලීශ මල්ලි කාත් එක්ක වත් ආරවුලක් ඇති කරගත්ත කෙනෙක් නෙමෙයි. ඒත් මල්ලිව ඉස්පිරිතාලෙට ගෙනිච්චහම අක්මීමන පොලීසියෙන් ඇවිත් කියලා තියෙනවා මුන් ත්‍රස්ථවාදියො මුන්ට වතුර පොදක් වත් දෙන්න එපා කියලා.” යනුවෙනුයි.
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:07