2023 ජූනි 17, පෙ.ව. 2:44
බිබිල ලුණුගල මාර්ගයේ සංවර්ධන කටයුතු සදහා සිමෙන්ති පිරවූ (සිමෙන්ට් බල්කර්) වාහනයෙන් ගෙනෙන සිමෙන්ති අතරමගදී වංචාකාරී ලෙසට අලෙවියේ යෙදී සිටි පුද්ගලයින් පස් දෙනෙකු රිදීමාලියද්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිමෙන්ති ප්‍රවාහන රථයේ මෙන්ම සිමෙන්ති ප්‍රවාහනයට ගෙන තිබූ ලොරි රථයේ රියදුරු හා ඔහුගේ සහායකයින් දෙදෙනාට අමතරව තවත් පැමිණ සිටි පුද්ගලයෙක්.
මෙසේ අත්අංගුවට පත්ව ඇත්තේ රිදීමාලියද්ද ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 22, 23, 27, 36 සහ 43 වයසේ පසුවන පුද්ගලයින් බවයි පොලීසිය සදහන් කලේ.
රිදීමාලියද්ද වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගීත් රත්නායක මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් රාජකාරී කටයුත්තකට යමින් සිටියදී රිදීමාලියද්ද දෙහිගම මංසන්ධියෙන් ඇති පාලු මාර්ගයකදී මෙම සිමෙන්ති වාහනය අසල යම් සැක සහිත දෙයක් සිදුවන බවට සැක සිතී ඒ ගැන සෝදිසි කිරීමේදී මෙම ජාවාරම හසුකර ගැනීමට පොලිස් නිළධාරීන්ට හැකිව තිබෙනවා.
කොළඹ වරායේ සිමෙන්ති සමාගමකින් ටොන් 37ක සිමෙන්ති තොගයක් මෙලෙස රැගෙන විත් ඇති බවත් එම සිමෙන්ති ලුණුගල බිබිල මාර්ගයේ සංවර්ධන කටයුත්තට ගෙන ගොස් භාරදීමෙන් අනතුරුව නැවත යමින් සිටියදී මෙම සිමෙන්ති තොගය බෑග් වලට පුරවමින් සිටියදී පොලීසියට හසුවූ බව සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය කරගත් බවද පොලීසියේ උසස් නිළධාරියෙක් සදහන් කළා.
සිමෙන්ති තොගය භාරදීමෙන් අනතුරුව තවත් විශාල සිමෙන්ති ප්‍රමාණයක් මෙලෙස ඉතුරු කරගෙන පැමිණ සිදු කරනා මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදු කරගෙන ආ එකක් බවට අනුමාන කලහැකි බවත් ඒ පිළිබදව දීර්ඝ විමර්ශණයක් සිදු කරනා බවයි පොලීසිය සදහන් කලේ.
බදුල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරී පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත රිදීමාලියද්ද වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගීත් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් පො.කො. (75638) සමන්, පො.කො. (76868) ඒකනායක, පො.කො. (81417) හේරත්, පො.කො. (83215) මේනක, පො.කො. රියදුරු (39377) පියතිලක යන මහත්වරුන් විසින් වැටලීම සිදුකර තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා වාහන සියල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බදුල්ල – ජයලත් දිසානායක
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08