hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 ජූනි 18, පෙ.ව. 7:40


මිනුවන්ගොඩ වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරනවා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසනවා.