hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2023 ජූනි 19, පෙ.ව. 12:02



බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල ද සවස් කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.