2023 ජූනි 19, පෙ.ව. 10:43
පෞද්ගලික සමාගමක් මඟින් අනුරාධපුර රාජාංගණය යාය 18 ප්‍රදේශයේ අඛණ්ඩව දින දහයක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් තිබෙන සංගීත සැණකෙළියක් මඟින් ප්‍රදේශවාසීන්ටත් වන සතුන්ටත් ඉමහත් පීඩාවක් එල්ලවන්නේ යැයි කියමින් ඒ සඳහා අවසර නොදෙන්නැයි ඉල්ලමින් සිවිල් සංවිධාන රැසක් ඒකාබද්ධව උතුරුමැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
මෙම ප්‍රසංගයට සූදානම් වී සිටින තරුණ තරුණියන් එය නැරඹීමට මුදල් සොයා ගැනීමේ අරමුණෙන් ප්‍රදේශයේ වතුවල තිබෙන කෙසෙල් කැන් කපමින්, පොල් කඩමින් සොරකම්වල නිරතවීම නිසා ප්‍රදේශයේ දුරාචාර බහුල වී සාමයට තර්ජනයක් වී ඇතැයිද එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.
මෙම ලිපිය යොමුකර ඇත්තේ රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ලංකා ගුරු සංගමය රාජාංගණය යාය 18/13 ගම සුරැකීමේ සංවිධානය හා අනුරාධපුර අපි පුරවැසියෝ යන සංවිධාන හා වෘත්තීය සමිති ඒකාබද්ධවයි.
වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසරයක් ලබා නොගෙන මෙම ප්‍රසංගය පවත්වන ප්‍රධාන වේදිකාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය තුළ ඉදිකරමින් ඇතැයිද එහිදී අධිබල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය, මල් වෙඩි සහ රතිඤ්ඤා දැල්වීම කරන බැවින් එයින් වනජීවීන් දැඩිලෙස පීඩාවට පත්වනු ඇතැයිද එම සංවිධාන චෝදනා කරනවා.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ අවසරයකින් තොරව අනාරක්ෂිතව විදුලි රැහැන් ඇදීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අවදානමකට ලක්විය හැකි යැයි පෙන්වා දෙන එම සංවිධාන මෙම සමස්ත ක්‍රියාවලියෙන් ප්‍රදේශයේ ආර්ථික සමාජයීය සංස්කෘතික හා ආගමික කටයුතුවලට බාධාවන්නේ යැයි සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
අනුරාධපුර කොට්ඨාසය භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා, රාජාංගණය පොලිස් ස්ථානාධිපතිවරයා, රාජාංගණය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා, අනුරාධපුර වනජීවී අධ්යක්ෂවරයා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ උතුරුමැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාට ද මේ ගැන ලිපි යොමුකර තිබෙනවා.
ඒවායේ පිටපත් ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ අධ්‍යාපන ඇමැතිවරයාටද යොමු කොට තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජාංගණය පොලිසියේ නිලධාරියකු පැවසුවේ සිදුවීමට අදාළව ප්‍රදේශවාසීන් කීප දෙනකුගෙන්ම ප්‍රකාශ ගෙන ඇති බවයි.
අදාළ සංගීත සැණකෙළියට එරෙහිව අදහස් දක්වන පිරිස් සංඛ්‍යාත්මකව අඩු යැයි කී එම නිලධාරියා එම උත්සවය නතර කිරීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් මෙතෙක් නියෝගයක් ලැබී නැතැයිද පැවැසුවා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06