2023 ජූනි 19, පෙ.ව. 11:50
වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීම සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ට මධ්‍යම පරිසර අධිකාරිය දැනුම්දෙනවා.
රුහුණු මහ කතරගම දේවාලයේ පෙරහර අද (19) සිට ජූලි මස 4 වනදා දක්වා පැවැත්වෙන අතර සාමාන්‍යයෙන් කතරගම ඇසළ උත්සව සමයේ දී ලක්ෂ 15කට ආසන්න පිරිසක් ඒ සඳහා පැමිණෙන බව සඳහන්.
ඔවුන් විසින් අක්‍රමවත් ලෙස බැහැර කරන කසළ හේතුවෙන් කතරගම නගරය, පූජා භුමිය සහ මැණික් ගඟ ආදී ස්ථානවල ඝණ අපද්‍රව්‍ය ටොන් 1700ක පමණ ප්‍රමාණයක් එක්රැස් වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව පූජා භූමියට පිවිසෙන මාර්ගවල ගමන් මලු පරීක්ෂා කර පොලිතීන් මලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබාදීම, බැතිමතුන් ප්‍රවාහනය කරන බස් රථවල දැනුවත් කිරීමේ ස්ටිකර් ප්‍රදර්ශනය, දැන්වීම් පුවරු මගින් සහ අත්පත්‍රිකා බෙදාදෙමින් මහජනතාව දැනුවත් කිරීම සිදු කෙරෙනු ඇති.
එමෙන්ම පාද යාත්‍රා මාර්ගයේ ද කසළ නිසි ලෙස බැහැර කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළා.
ඇසළ උත්සවය අවසන් වීමෙන් අනතුරුව ද පූජා භූමිය ශ්‍රමදාන වැඩසටහන් මගින් පවිත්‍ර කිරීමටත්, කසළ ප්රතිචක්රීයකරණය සඳහා කටයුතු කිරීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06