hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 19, ප.ව. 9:30



ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (19) දින කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය ඇතුලු ඉන්දීය නාවිකයින් ශ්‍රීලංකා නාවික හමුදා සම්ප්‍රදායානුකුලව උත්සවාකාරයෙන් පිළිගැනීමට කටයුතු යොදා තිබුණා.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘INS Vagir’ සබ්මැරීනය, දිගින් මීටර් 67.5 ක් සහ  නැව් මුළුව 60 කින් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් දිවාකර් එස් (Commander Divakar S) කටයුතු කරනු ලබනවා.

මෙම නිල සංචාරයේදී, ජත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් බටහිර නාවික විධානයේදී පැවැත්වෙන යෝගා වැඩසටහනක් සඳහා ‘INS Vagir’ සබ්මැරීනයේ නිලධාරීණ් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහභාගීවීමට නියමිතව ඇති අතර, ‘INS Vagir’ සබ්මැරීනයේ මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගීවීමටද නියමිතව ඇත.

එමෙන්ම, ‘INS Vagir’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති බවට නාවික හමුදාව පැවසුවා.

තවද, මෙම නිල සංචාරය නිමා කරමින් 2023 ජුනි මස 22 වන දින ‘INS Vagir’ සබ්මැරීනය ඉන්දියාව බලා නැවතත් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ