hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 20, පෙ.ව. 5:19



මේ රටේ ළමා අපයෝජන වැඩිවීමට හේතුව දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ගේ අඩු සැලකිලිමත් භාවය බව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පැවසුවා.

දරුවකු අපයෝජනයට ලක්වීම කායික, මානසික හා ලිංගික යන ආකාර තුනකින් සිදුවන බවත් මේ දිනවල වාර්තා වන තොරතුරුවලට අනුව දරුවන් වැඩි වශයෙන් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත් හෙතෙම සඳහන් කළා.

මෙලෙස අපයෝජනයට ලක්වන දරුවන්ගේ සමාජ පසුබිම සලකා බැලීමේදී එවැනි පවුල්වල දෙමාපියන් විදේශගතවී ඇති බව හෝ දෙමාපියන් ළඟ සිටියද ඔවුන්ගේ නිසි අවධානයක්, අවබෝධයක් සහ ආරක්‍ෂාවක් නොලැබීම හෝ හේතුවන බව ද වෛද්‍යරූමි රූබන් මහතා කියා සිටියා.

ඕනෑම වයසක තැනැත්තකු ලිංගික අපයෝජන සිදුකිරීමට පෙළඹෙන අතර විවිධ මනෝ ලිංගික ගැටලු, අධි ලිංගික ආශාවන්, ආවේගයන් පාලනය කර ගැනීමට නොහැකි වීම මෙවැනි අපයෝජන සිදු කිරීමට හේතුවන බව ද විවිධ උපක්‍රම බියවැද්දීම් මගින් මේ සඳහා පොළඹවා ගන්නා බව ද හෙතෙම සඳහන් කලා.