hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 20, පෙ.ව. 11:37



රෝගාතුරවී සිටින මුතුරාජා හස්තියා සම්බන්ධයෙන් තමන් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුට් චන් ඕචා වෙත කණගාටුව පළකළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

පසුගියදා සිදුකළ තායිලන්ත සංචාරය අතරතුර දී එලෙස කණගාටුව ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු මුතුරාජා හස්තියා යළි සිය රටට රැගෙන යාමට තායිලන්තය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් දෙරටේ රාජතාන්ත්‍රික කටයුතුවලට බලපෑමක් සිදුවී නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

 “මේ කාරණාව ගැන විෂය භාර අමාත්‍යතුමියගෙන් ඩලස් අලහප්පෙරුම මැතිතුමා විමසුවා. විරුද්ධ පක්ෂයේ නායකතුමත් ඉතා වැදගත් කරුණු කීපයක් අපේ අඩුපාඩුකම් සම්බන්ධව ප්‍රකාශ කළා. අනුර යාපා මන්ත්‍රීතුමා අහන කාරණාවට මම කලින් පිළිතුරු දෙන්න හැදුවේ.  මම ගිය මාසය අවසානයේදී තායිලන්තයට ගමන් කරපු නිල සංචාරයේ අපේ බුද්ධ ශාසන ඇමතිතුමා විදුර වික්‍රමනායක මැතිතුමා, මම නෙමෙයි එතුමත් මගේත් එක්ක හිටියා. අපේ මොණරාගල දිස්ත්‍රික්ක විජිත බේරුගොඩ රාජ්‍ය ඇමතිතුමත්, ගමන් කළා.  එතුමාලා තුන්දෙනාම හිටියා, අග්‍රාමාත්‍යතුමා හමුවුණු සාකච්ඡාවේදී. අපේ රට වෙනුවෙන් ඒ කණගාටුව මම ප්‍රකාශ කළා. ඒ ගැන කිසිම අවශ්‍යතාවයකුත් දැක්වූවේ නෑ. වේලාවට යොදාගත්ත කාලසටහන අනුව මුතුරාජා ඉදිරි දවස්වලදී තායිලන්තය කරා ගමන් කරනවා.

ඒ අවශ්‍ය ඇමතිතුමිය කිව්වා වගේ විධි විධාන පරිදි අපේ නායක ස්වාමීන් වහන්සේත් අවශ්‍ය ලියකියවිලි භාර දීලා තිබෙනවා, ඒ සාත්තු කිරීම හා නිරෝගී තත්ත්වයට පරිවර්තනය කිරීමෙන් පසු, යළි අපට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධව.  ඉතින් මම හිතන්නේ නෑ තායිලන්තයයි, ශ්‍රී ලංකාවයි අතර තිබෙන මිත්‍රත්වය, සුවිශේෂ මිත්‍රත්වයක් බව යළිත් ප්‍රකාශ කරා. දැන් ඒක ඩලස් අලහප්පෙරුම මැතිතුමා සඳහන් කරපු විදිහට දෙශපාලන කාරණාවක් හා ජනමාධ්‍යයන් ඒ රටේත්, මේ රටේත් මේක ගත්ත කාරණාවක්. නමුත් ඒක ඉතාම හොඳයි, යම් යම් දේවල් ජනමාධ්‍යයෙන් එලෙස මතු කිරීමත්.  අවශ්‍ය පියවරවල් අරගෙන තියෙනවා. ඒ ගමන් කරන විශේෂ යන්ත්‍රය, විශේෂ ආරක්ෂක කූඩුව සකස් කරලා තියෙනවා. ඒ අනුව ගමන් කරාවී, මේ ගැන මම වගකීමෙන් යළිත් ප්‍රකාශ කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: