2023 ජූනි 22, පෙ.ව. 2:01
භාවිතයෙන් ඉවත් කළ නිර්වින්දන එන්නත කිසිදු අවස්ථාවක ළමයින්ට ලබා නොදෙන්නක් බවත් වයස අවුරුදු දෙකක දරුවෙකුට එන්නත ලබා දුන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් හේතුවෙන් මරණයට පත්වූ බවට කරන චෝදනා අසත්‍ය බව මෙයින් තහවුරු වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවා.
මෙම දරුවාගේ මරණයට වෙනත් හේතුවක් තිබිය හැකි නමුත් එය නිර්වින්දන එන්නතේ බලපෑමක් නිසා ඇති වූ බවට කරන චෝදනා පදනම් විරහිත බවත් කෙසේ වුවද නිර්වින්දන එන්නත හේතුවෙන් මරණ සිදුව ඇති බවට කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමා උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා සඳහන් කළා.
බහුකාර්ය සංවර්ධන සහායක සේවයේ නියුතු 253 දෙනෙකු මධ්‍යම, සබරගමු හා වයඹ පළාත් රෝහල් වල සෞඛ්‍ය කාර්ය සහායකයින් ලෙස යොමු කර ඊට අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීම නිමිත්තෙන් ඊයේ (21) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති උත්සවයෙන් අනතුරුව ඇමැතිවරයා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළා.
අදාළ නිර්වින්ද ඖෂධය ලබා දීමේ දී තරමක් වේදනාකාරි තත්ත්වයක් ඇතිවන බැවින් එය ළමුන්ට ලබා නොදෙන බව අදාළ රෝහල් බලධාරීන් තමාට දැනුම් දී තිබෙන බවත් මේ සම්බන්ධව අදාළ රෝහල් වල වෛද්‍යවරු අද (22) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්වක් කරනු ඇති බවත් හෙතෙම අවධාරණය කළා.
සෞඛ්‍ය ක්ෂේත්රය හා සම්බන්ධ ප්‍රශ්න වලදී ඇතැම් මාධ්‍ය බොරුව රජකරවන බවත් මාධ්‍ය මගින් මේ ආකාරයෙන් මුදාහරින වල්බූරු නිදහස සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු බවත් ඇමැතිවරයා පැවසුවා.
මහනුවර – කමල් සුරවීර
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06