hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 22, පෙ.ව. 11:21




දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවූ ඝාතන සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

පොලිස් ප්‍රධානින් කැඳවා ඊයේ (21) සිදු කල සාකච්ජාවකදී ඒ මහතා එවැනි නියෝගයක් ලබාදී තිබෙනවා.

මිනීමරුවන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියා කරන ලෙසත් එවැනි මෙහෙයුම්වලදී අනිසි බලපෑම් සිදුකිරීමට කිසිවකුට හෝ ඉඩ නොතබන ලෙසත් අලස් මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ මිනීමැරුම් හා අපරාධ වැඩිවීමට විශේෂයෙන්ම බලපා ඇත්තේ එම පළාත් දෙකෙහි සේවය කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකර්ශක්ෂමතාවය බව පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ එවැනි නිලධාරීන් වහාම ඉවත්කර සුදුසු නිලධාරීන් පත්කරන ලෙසයි.