hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 මැයි 17, ප.ව. 9:04



මැයි 18 වනදාට මෙවර යෙදී ඇති 13 වන යුද සැමරුම වෙනුවෙන් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්ථානයේදී කිසිදු අයුරකින් කොටි ත්‍රස්ත නාම හෝ සංඛේතයක් හෝ යොදා නොගෙන සැමරීම් සිදුකිරීමට අවසරය ඇති බවට මුලතිව් පොලීසිය විසින් එහි සංවිධායකයින්ට දැනුම් දී තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මේ අතර මුල්ලිවයික්කාල් යුදසැමරුම් දිනයේදී කිසියම් කොටි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීම සාවද්‍ය පුවතක් බවටත් උතුරු ප්‍රදේශයේද මේ වන විට ආරක්ෂාව තහවුරු වී මහජන සාමය සාමාන්‍ය තත්වයෙන් පවතින බවටද ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.

මුල්ලිවයික්කාල්හි පිහිටි යුද සැමරුම් ස්මාර්කය අභියසට හෙට (18) දිනයේදී සියලු ජනතාවට පැමිණ යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිපත් කොට මල්පහන් දල්වා සෙත්ශාන්ති දක්වන ලෙසට උතුරේ ජනතාවට දෙමළ ජාතික සංස්කෘතික සභාව විසින් ආරාධනා කොට තිබෙනවා.

මැයි 12 වනදා සිට මැයි 18 වනදා දක්වා ජනසංහාර සතිය ලෙසින්ද හදුන්වා දී තිබුණු අතර එම දිනයන්හි විවිධ පාර්ශවයන් විසින් විවිධ ස්ථානයන්හි මෙන්ම මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය ඉදිරිපිටදීද යුද්දයෙන් මිය ගිය අය සිහිපත් කරමින් මල්පහන් දැල්වීම සිදු වෙනවා.

හෙට (18) දිනයේදී මුල්ලිවයික්කාල් යුදසැමරුම් භූමිය යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා සියල්ල සූදානම් කොට ඇති බවටත් හෙට දින උදෑසන 9.00 වන විට භූමියට පැමිණෙන ලෙසටද මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් හා සංවිධායකවරුන් විසින් ජනතවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම යුදසැමරුම් සිදු කෙරෙන ස්ථානයේ කිසියම් නීතිවිරෝධී ත්‍රස්ත සැමරුම් ක්‍රියාවක් සිදුවෙන්නේද යන්න පිළිබඳව පූර්ණ අවධානය යොමු කරන බවටත් එලෙස සිදුවන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවටද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.