hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 22, ප.ව. 6:32



ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ ටයිටන් සංචාරක සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වී ඇති බවට විශ්වාසය පළ කරන බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසනවා.

අදාළ සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වීමට නියමිතව ඇති වේලාව සම්බන්ධයෙන් මීට පෙර පුරෝකථනය කර තිබු වේලාව මේ වන විට අවසන් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

සබ්මැරීනය සොයා අඛණ්ඩව මෙහෙයුම් කටයුතු සිදුකරන බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබෙනවා.