hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 24, පෙ.ව. 8:19


ඇඹිලිපිටියේ වෙඩි හුවමාරුවක්

ඇඹිලිපිටිය, පනාමුර, වැලිකඩයාය ප්‍රදේශයේ දී පොලීස් විශේෂ කාර්ය බළකාය සිදු කළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.

වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) අලුයම සිදුකළ මෙහෙයුමකදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා.

එහිදී STF නිලධාරීන් සිදු කළ ප්‍රතිප්‍රහාර හමුවේ මෙම සැකකරුට වෙඩිවැදී ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු හිටපු හමුදා සෙබළෙක් බව පොලීසිය පැවසුවා.