hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 25, පෙ.ව. 4:05



ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව හා පුද්ගලික ආයතන වෙනුවෙන් ඖෂධ වර්ග 67ක් හා වෛද්‍ය උපකරණ 140ක් සදහා ලියාපදිංචියෙන් නිදහස් කිරිමේ ලිපි 2021 වර්ෂය තුලදි  නිකුත්කොට තිබු බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ජිවිතයක් බේරා ගැනිමට, බෝවන රෝග හෝ වසංගත රෝගයක් පැතිරිම වැළැක්විමට ජාතික අවශ්‍යතාවයක් හා ජාතික ආරක්ෂාව වැනි විශේෂිත අවස්ථාවලදි පමණක් ලියාපදිංචියෙන් නිදහස් කිරිමේ ලිපි නිකුත් කිරිමට අධිකාරිය වෙත බලය ලැබි තිබුණා.

එහෙත් එවැනි තත්වයක් යටතට නොවැටෙන ලියාපදිංචිය අවලංගුවිම, ලියාපදිංචි සැපයුම්කරුවන් නොසිටිම වැනි හේතුමත  මෙම ඖෂධ හා වෛද්‍ය උපකරණ වෙනුවෙන් ලියාපදිංචියෙන් නිදහස් කිරිමේ ලිපි නිකුත්කොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

කෙසේවුවද ඖෂධ නියාමන අධිකාරිය විසින් විගණනයට සදහන්කොට ඇත්තේ මෙම නිරික්ෂණ සමග එකග නොවන බවයි.

රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඖෂධ හිගවිම, නිසා රට තුල ඖෂධ සම්බන්දයෙන් අර්බුදකාරි තත්වයක් නිර්මානය විම වැනි විශේෂ අවස්ථාවලදි සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය මත පනතේ 109 වැනි වගන්තිය ප්‍රකාරව කටයුතු කර ඇති බවයි.

ලියාපදිංචිය අවලංගුවිම,ලියාපදිංචි සැපයුම්කරුවන් නොසිටිම, ඖෂධ ආනයනය නොකිරිම, ලියාපදිංචිය ලබා ගැනිමේ ප්‍රවනතාව අඩුවිම වැනි කරුණු හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියමත පනතේ 109 වැනි වගන්තිය ප්‍රකාරව කටයුතු කළ හැකි බවද අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

පනතේ සදහන් විශේෂ අවස්ථාවලදි පමණක් ලියාපදිංචියෙන් නිදහස් කිරිමේ ලිපි නිකුත් කිරිමට කටයුතු කිරිම තුලින්  තත්වය පිළිබද සහතිකයක් නොමැති ඖෂධ රට තුලය ඇතුල්විම අවම කරගතහැකි බවයි.

ගාල්ල – ලලිත් චාමින්ද