hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 25, ප.ව. 6:07



ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 70කට අධික ප්‍රමාණයක් මේ වන විටත් සේවයෙන් ඉවත්ව ඇති බව එම ගුවන් සේවයේ ගුවන් නියමුවන් පවසනවා.

ඒ වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙනුයි.

දකුණු කොරියාවට යෑමට සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට, ගුවන් යානයක පමාවෙන් එම අවස්ථාව අහිමි වීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව අනාවරණ කළා.

ඔවුන් එමගින් පෙන්වාදී ඇත්තේ, ශ්‍රීලන්කන් ගුවන් සේවය ගුවන් නියමුවන්ට ලබාදෙන වැටුප් හා වේතන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගෙවුණු වසරක කාලය තුළ පමණක් ගුවන් නියමුවන් 70කට අධික පිරිසක් මේ වන විටත් සේවයෙන් ඉවත්ව ඇති අතර තවත් පිරිසක් ඉවත්වීමේ සූදානමකින් සිටින බවයි.

ගුවන් නියමුවන් 330ක් ගුවන් සේවයේ සිටිය යුතු වුවත්, ගුවන් සේවා පරිපාලනයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මේ වන විට සේවයේ සිටින්නේ 250ක් පමණක් බවද නිවේදනය මඟින් පෙන්වාදී තිබෙනවා.

එබැවින්, දැනට පවතින ගුවන් නියමු හිඟය හේතුවෙන් මෙලෙස හදිසි අවස්ථාවකදී ගුවන් නියමුවන් ඊට අනියුක්ත කිරීම අසීරු බව නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්.

Example Image