hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2023 ජූනි 27, පෙ.ව. 2:03



යාපනය විශ්වවිද්‍යාලයේ සේවයේ නිරත කතිකාචාර්ය වරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි 25 වනදා සිට මහාචාර්ය තනතුර දක්වා උසස් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තීරණය කොට තිබෙනවා.

මේ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික අංශ ප්‍රධානි සහ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය ඒම්.කේ.අකිලන් මහතා විදුලි හා ඉලෙක්ට්‍රෝණික අංශයේ මහාචාර්යවරයෙක් ලෙසටද, කෘෂිකර්ම ජීවවිද්‍යා අංශයේ ප්‍රධානී කෘෂිකර්ම පීඨයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කේ.භගීරධන් මහතා කෘෂිකර්ම ජීවවිද්‍යා අංශයේ මහාචාර්ය ලෙසටද, හින්දු අධ්‍යන පීඨයේ හින්දු ශිෂ්ඨාචාර අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය විග්නේශ්වරන් බවනේෂණ් මහත්මිය හින්දු ශිෂ්ඨාචාර අංශයේ මහාචාර්ය ලෙසටත් උසස් කිරීමට පියවර ගෙන තිබුණා.

යාපනය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ශ්‍රී සද්ගුණරාජා පවසා සිටින්නේ ඉංජිනේරු, කෘෂිකර්ම සහ හින්දු අධ්‍යන පීඨවල ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරුන් තිදෙනෙකු මෙලෙස මහාචාර්යවරුන් ලෙසට උසස් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇති බවටයි.